පලෛතිව් මංගල්‍යය මෙවරත්..

0
95

උතුරු පළාතට අයත් යාපනය පලෛතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2024 මාර්තු මස 01 සහ 02 යන දෙදින අති උත්කර්වෂත් ව පැවැත් වේ.

සෑම වර්ෂයක ම මෙන් ම මෙවරත් එම  දේව මංගල්‍යය සාර්ථක ව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල  පහසුකම් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් සපයන ලදී.

නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මග පෙන්වීම මත උතුරු නාවුක විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩගේ අධීක්‍ෂණය යටතේ අදාල කටයුතු සංවිධාන කෙරිණ.

ප්‍රධාන පූජකවරුන් හට ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු මුහුදු ප්‍රවාහන පහසුකම් නාවුක හමුදාවේ අධීක්ෂණයෙන් සිදු කළ අතර,  සනීපාරක්‍ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ පානීය ජලය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැලසීම, දේව මංගල්‍යයට සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම ද නාවුක හමුදාව සිදු කළේ ය.

මෙවර දේව මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ඒ සඳහා දිවයිනේ සෙසු ප්‍රදේශ නියෝජනය කරමින් කතෝලික පියතුමන් සහ කන්‍යා සොහොයුරියන් සහභාගී වී සිටිය හ.

මෙම අවස්ථාවට උතුරු නාවුක විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා ඇතුළු උතුරු නාවුක විධානයේ නාවුක හමුදා සාමාජිකයින්, සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටිය හ.

 

 

තවත් ඡායාරූප සඳහා ‘ලක්දන’ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.h

ttps://www.facebook.com/share/p/9tutvWvdXJEehKjA/?mibextid=Nif5oz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here