අතරමැදි ශ්‍රේණි වගකීම විදුහල්පතිවරුන්ට

0
140

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට  අදාල අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු වේ.

එම පාසල්වල පුරප්පාඩු පවතී නම් පමණක් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප‍‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.

මේ අතර, අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම්  සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙස ද අමාත්‍යාංශය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here