Air tatto යාපනයේ දී

0
79

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමී ව සංවිධාන කෙ⁣රෙන ගුවන් හමුදා  “Air Tattoo” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය 2024, යාපනය මුට්ට්‍රවේලි ක්‍රීඩාංගනයේ දී මාර්තු මස 06 වැනිිදා ඇරඹේ.

එය මාර්තු මස  10 වැනි දා  දක්වා පැවැත්වීමට නියමිතයි.

ප්‍රදර්ශනයට දිවයිනේ සියලු රඡයේ විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, පාසල් මෙන් ම ව්‍යාපාරික ආයතන, තාක්ෂණික ආයතන  නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි රැසක් ඉදිරිපත් කෙරේ .

අදාල සෑම දිනකම පස්වරුවේ වෙළෙඳ ප්‍රදර්ශනයක් සමග සංගීත ප්‍රසංග ඇතුළු ක්‍රියාකාරකම් රැසක්  පැවැත්වීමට ද ගුවන් හමුදාව සංවිධාන කර ඇත.

පාසල් නිල ඇදුමින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මෙම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමේ අවස්ථාව සලසා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here