රොනීගේ ගෙට හොරු පැනලා

0
194

හිටපු මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය අභාවප්‍රාප්ත රොනී ද මැල්ට අයත් දෙවිනුවර නිවසට මාර්තු 05 වැනි දා රාත්‍රියේ සොර කණ්ඩායමක් පැමිණ ඇතැයි පොලීසිය කියයි.

නිවසට ඇතුළු වූ සොර කණ්ඩායම එහි දේපළ සොරාගෙන ගොස් ඇතැයි නිවසේ මුරකරු  06 වැනි දා පෙරවරුවේ ගන්දර පොලිසියට
පැමිණිලි කර ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසී ය.

ගන්දර වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස්
පරීක්‍ෂක සුවාරිස්ගෙන් කළ විමසීමේ දී ඔහු කියා සිටියේ මෙම නිවස රොනී ද මැල් මහතාට අයත් වූව ද වසර හත අටක් තිස්සේ ඔහු එය භාවිත කර නොමැති බවයි.

නිවසේ වටිනා බඩු භාණ්ඩ තිබූ බවට දැනගන්නට
නැති බවත්, ඇඟිලි සටහන් ඔස්සේ විමර්ශන
සිදුකරන බවත් ඔහු කී ය.

රොනී ද මැල් මහතාගේ අවසන්
කටයුතු සිදු කර තවමත් ගෙවී ඇත්තේ සතියක පමණ කාලයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here