කෑගලු දිස්ත්‍රික් රෝහලට නවාංග

0
590
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට අත්‍යවශ්‍ය අංග කිහිපයක් පිරිනැමේ.
රුපියල් මිලියන 37 ක වියදමින් ස්ථාපිත නව ඔක්සිජන් උත්පාදන බලාගාරය (OXYGEN GENERATION PLANT), රුපියල් මිලියන 20 ක වියදමින් ස්ථාපිත කරන ලද මහජන සෞඛ්‍ය ඒකකය (PUBLIC HEALTH UNIT) සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SURGICAL ICU UNIT) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් මාර්තු 06 වැනි දා ජනතා අයිතියට පත් කෙරිනි.
යුනිසෙෆ් සංවිධානයේ දායකත්වයෙන් සහ කැනඩා රජයේ පරිත්‍යාගයක් ලෙස කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ නව ඔක්සිජන් සැපයුම් ඒකකය  (OXYGEN GENERATION PLANT) ස්ථාපිත කර ඇති අතර, මෙමගින් දිනකට ඔක්සිජන්  ජම්බෝ සිලින්ඩර් 50 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.  සිලින්ඩර් සහ Liquid (දියර) ඔක්සිජන් මිල දී ගැනීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල 2023 වසරේ පමණක් රුපියල් මිලියන 22 ක් වැය කර ඇත. මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය මගින් සෘජුවම රෝහලේ වාට්ටු සහ හදිසි ප්‍රතිකාර ඒකක සඳහා ඔක්සිජන් ලබාදීමේ හැකියාව පවතින අතර, අතිරික්ත ඔක්සිජන් අවට රෝහල් වෙත ලබාදීම පිළිබඳ ද අවධානය යොමු වී ඇත.  ඉදිරියේ දී මෙම ඒකකය සූර්ය පැනල ඔස්සේ ක්‍රියාත්මක කිරිමට ද නියමිතය.  මෙම රෝහල  ඇතුළුව නාවලපිටිය, අවිස්සාවේල්ල, උඩුගම ආදී වශයෙන් රෝහල් 04 ක මෙලෙස ඔක්සිජන් උත්පාදක ඒ්කක මේ වනවිට පිහිටුවා ඇත.
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SURGICAL ICU UNIT) හදිසි ප්‍රතිකාර ඇඳන් 06 කින් යුක්ත වන අතර, කොවිඩ් වසංගතය පැවති සමයේ කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා සඳහා යොදාගත් ඒකකය මෙලෙස ශල්‍ය දැඩි සත්කාර ඒකකය ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here