රම්‍යාවෝ නික්මෙති.

0
117

ජ්‍යෙෂ්ඨ සහ ජනප්‍රිය ගුවන්විදුලි හා කලා ශිල්පිනියක වූ රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි.

ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදිකාවක, නිවේදිකාවක වූවා ය.

සිය සැමියා වූ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැළණි පාලම’ ඇතුළු වේදිකා නාට්‍ය රැසක් සිය ප්‍රතිභාවෙන් ආලෝකවත් කළ ඕ, කන්දේගෙදර ඇතුළු ටෙලිනාට්‍ය රැසකට සිය දායකත්වය ලබා දුන් දක්ෂතම ශිල්පිනියකි.

ගුවන්විදුලි හඬනළු සහ විවිධ හඬකැවීම් සඳහා ද එක් වූ ඇය සිය විවිධ කලා හැකියාවන් වෙනුවෙන් විවිධ සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

රම්‍යා වනිගසේකර මිය යනවිට 73 වැනි වියේ පසු වූවා ය.

‘ලක්දන’ ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here