පවුලක් නැසූ ඝාතකයා දැලේ.

0
267

කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 06 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කැනඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනේ.

ඔහු කැනඩාවේ අධ්‍යාපනය ලබන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකිකයෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මව සහ ඇයගේ දරුවන් 04 දෙනෙකු මෙන් ම එම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකු ද සිද්ධියෙන් මිය ගොස් ඇති බවයි.

දරුවන්ගේ පියා බරපතල තුවාල සහිත ව රෝහල්ගත කර තිබේ.

මිය ගිය දරුවන් 04 දෙනා ම වයස අවුරුදු 07 ට අඩු අය බව ද වාර්තා වෙයි.

මෙම සිදුවීම ප්‍රථමයෙන් වෙඩි තැබීමක් ලෙස පොලීසිය හඳුනාගත්ත ද පසුව ප්‍රකාශ කළේ ආයුධයකින් ඝාතන සිදු කර ඇති බව ය.

දසක තුනක පමණ කාලයක දී ඔටාවා හි මෙවැනි ඝාතනයක් සිදු වූ පළමු අවස්ථාව මෙය බව එම  නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධියෙන් මියගිය පිරිස වන්නේ, මව – දර්ශනී බණ්ඩාරනායක – වයස අවුරුදු  35, ඉනූක වික්‍රමසිංහ – වයස අවුරුදු 07, අශ්විනී වික්‍රමසිංහ – වයස අවුරුදු 04, රින්යානා වික්‍රමසිංහ – වයස අවුරුදු 02, කෙලී වික්‍රමසිංහ – මාස 02, ඝාතනය වූ අනෙක් පුද්ගලයා වන්නේ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි අයෙකි.

මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලද පියා ධනුෂ්ක වික්‍රමසිංහ නම් අයෙකි.

මියගිය පවුලේ සාමාජිකයින් –

 

පොලීසිය විසින් අඳින ලද ඝාතකයාගේ සිතුවමක් –

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here