මත් සාදයක් පැවැත් වූ තරුණ පිරිසක් අත්අඩංගුවට

0
223

හෝමාගම මාගම්මන දී සාදයක් අතර අත්අඩංගුවට පත් පිරිසෙන් 06 දෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කෙරේ.

සුඛෝභෝගී නිවාස සංකීර්ණයක ඉකුත් මාර්තු 08 වැනි දා මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටිය දී තරුණ තරුණියන් 27 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ හ.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් 05 දෙනෙකු හා මුදලට පැමිණි බවට සැක කරන තරුණියන් තිදෙනකු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් 06 දෙනකු මාර්තු 14  වැනි දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් ඉෂාරා ජයකොඩි නියෝග කළා ය .

රිමාන්ඩ් භාරයට පත්වූවන් අතර සරසවි සිසුවෙකු ද වේ.

මුදලට පැමිණි බව කියන කාන්තාවන්ගේ සමාජ රෝග වාර්තාවක් එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා ය.

හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් දෙදෙනා ශරීර ඇප මත මුදා හැර තිබිණි.

හෑෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20 ක් හා මත්පෙති 03 ක් හා සුඛෝභෝගි මෝටර් රථයක් සමඟ සැකකරුවන් 05 දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ සුඛෝභෝගි නිවාස සංකීර්ණයට තරුණ තරුණියන් රැසක් පැමිණ මධ්‍යම රාත්‍රියේදී මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට කහතුඩුව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි.

ඒ අනුව එම ස්ථානය වටලා පෞද්ගලික සරසවියක සිසු සිසුවියන් 17 ඇතුළු 27 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් තරුණයන් සහ මුදලට පැමිණි බව කියන තරුණියන් හැරෙන්නට සෙසු තරුණ තරුණියන් 19 දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here