හිමි නමගේ ඝාතකයා වෙඩි වැදී මරුට

0
435
shot from a handgun with fire and smoke

ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයක දී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වේ.

සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුධ සොයාගැනීම සඳහා රැගෙන ගොස් සිටිය දී පලාා යාමට උත්සාහ දරා ඇති අතර එහි දී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් මියගොස් ඇත.

ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පසුගිය ජනවාරි 23 වැනිි දා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයා මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැක කටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිනි.

32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here