ඉවසුවා ඇති “මාස 06න් ආණ්‌ඩුව අරගෙන නුවර අධිවේගය හදනවා”

0
22
ඉවසුවා ඇති

ආණ්‌ඩුවට එරෙහි ඒකාබද්ධ විපක්‌ෂය දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් සංවිධානය කරන ‘ඉවසුවා ඇති’ ජනරැලි මාලාවේ ප්‍රථම විරෝධතා රැලිය ඊයේ (08) සවස මහනුවර නගරයේදී පැවැත්වුණා.

ඊට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‌ෂ ඇතුළු විපක්‍ෂ මන්ත්‍රීන් සහභාගි වී සිටියා.

තව මාස 06ක්‌ ඇතුළත නව ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවත් එසේ පිහිටුවන ආණ්‌ඩුව විසින් නුවර – කොළඹ අධිවේගී මාර්ගය මාස 06ක්‌ ඇතුළත ඉදිකර ජනතා අයිතියට පත් කරන බවත් විපක්‍ෂ නායකවරයා එහිදී සඳහන් කර සිටියා.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම ජන රැලියේදී මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“වත්මන් ආණ්‌ඩුව පසුගිය වසර 04ට කරපු කිසිම දෙයක්‌ නැහැ. අපි 2018 අවසන් වනවිට වැඩ අවසන් කරන්න සැලසුම් කළ මහනුවර අධිවේගී මාර්ගය තවම එහෙමමයි. පේරාදෙණිය සිට නුවරට කිලෝමීටරයක්‌ කාපට්‌ කරගන්න බැරි වෙලා තියෙනවා.

අපි ජනතාවට පොරොන්දු වෙනවා තව මාස 06ක්‌ ඇතුළත මේ ආණ්‌ඩුව පරාජයට පත්කර අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවනවා. එසේ පිහිටුවන අලුත් ආණ්‌ඩුව මාස 06ක්‌ ඇතුළත මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here