“අවුස්සා ගන්න එපා”

0
23
අන්තවාදියා, අන්තවාදියාමය....

තමන් සිදු කරනුයේ ඓතිහාසික දේශපාලනයක් බවත්, එය වසර පහෙන් පහට එන පක්ෂ දේශපාලනයට ඉහළින් තිබෙන්නක් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

තමන් ඇතුළු පිරිස මහින්ද, මෛත්‍රී, රනිල් හෝ වෙනත් පාර්ශ්වයක ගෝලයන් නොවන බවත්, තමන්ට ඉතිහාසය විසින් පැවරූ දෙය සිදු කරන බවත් එයත් දේශපාලනයම බවද පැවසීය. තමන්ව අවුස්සා ගෙන අනවශ්‍ය මානයකට මෙම ප්‍රශ්නය ගෙන නොයන ලෙසත්, පක්‍ෂ දේශපාලනය තමන් කණ්ඩායමට අදාළ නොවන බවත් පැවසූ ඥානසාර හිමි, වසර 70ක් පුරා මේ අය කළ දෙය රටට පෙනෙන බවත්, එබැවින් තියෙන දෙය රැකගෙන, තම තමන්ගේ පක්‍ෂවල වැඩකටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

තමන් මහින්ද, මෛත්‍රී, රනිල් හෝ වෙනත් පාර්ශ්වයක ගෝලයෙකු වූයේ නම් සිරගත නොවන බවත්, මිට පෙර බණක් භාවනාවක් කරගෙන පැත්තකට වන බවට ප්‍රකාශ කළද, ඉන් තරුණ පිරිස් කලබලයට පත්වූ බවත් ඥානසාර හිමි පැවසීය. පත්ව ඇති මෙම අනතුර පහව යනතෙක් තමන් ක්‍රියාත්මක වීමට තීරණය කළ බවද තවදුරටත් කීය.

මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් 26 දින හමුවීමෙන් පසු දළදා මාලිගාව වැඳපුදා ගත් ඥානසාර හිමි අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here