රිසාඩ් බතියුදීන්ගේ විල්පත්තු නඩුවට වෙච්ච දේ මෙන්න

0
29
විල්පත්තු විනාශයට එරෙහිව 'ඇමති රිෂාඩ්ට තීන්දුව දෙන' දිනය මෙන්න

අද (28) අභියාචනාධිකරණය අමාත්‍ය රිෂාඩ් බතියුදීන් ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ජුලි මස 31 වන දා සිට මුලසිට නැවත විභාග කිරීමට තීරණය කර තිබේ.

විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත ප්‍රදේශවල ඉඩම් අක්කර 100 ගණනක් මුස්ලිම් ජනතාවගේ පදිංචිය සඳහා නීතිවිරෝධි අන්දමින් ලබා දීමට දරන උත්සහය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම නඩුව ගොනු කර ඇත.

අමාත්‍ය රිෂාඩ් බතියුදීන, වන ජිවි දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.

2015වසරේදී ගොනු කළ මෙම නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබුණ අතර එම නඩුවේ විභාගය පසුගිය වසරේ සැප්තැම්බර් මස අවසන්වී තිබු අතර තීන්දුව නිකුත් කිරීම මින් පෙර අවස්ථා 04කදීම කල් දැමීමට එම නඩුව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නියෝග කොට තිබිණ.

අද දින මෙම නඩුව කැඳවනු ලැබුවේ ජනක් ද සිල්වා සහ නිශ්සංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවන් හමුවේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here