හිටපු හමුදාපති ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට

0
27

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වන බව ජාතික ජනතා පක්ෂය කියා සිටියි. සැප්තැම්බර් 29 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තම පක්ෂය හා සිවිල් සංවිධාන රැසක සහභාගිත්වයෙන් අපේක්ෂකයා නම් කරන බවත් නීතියේ ආධිපත්‍යය, සාධාරණත්වය ස්ථාපිත කිරීමට මෙම ඉදිරිපත් කිරීම සිදු වන බවත් සඳහන් කරන ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත්, ආර්ථිකය ඇතුළු රටේ සමස්ථ ගැටළුවලට විසඳුම් දීම වෙනුවෙන් පක්ෂය විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට තම ජනාධිපති අපේක්ෂකයා එකඟතාවය පළ කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here