“යුද්ධයට නායකත්වය දුන්නේ මම නෙමෙයි” – ගෝඨා කියයි

0
27

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමන් යුද්ධයට නායකත්වය ලබා නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කළා.

ඒ, පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනියක් වන මීරා ශ්‍රී නිවාසන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නයක් යොමු කළ අවස්තාවේදියි.

ප්‍රශ්නය – ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවති කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?

පිළිතුර – ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ මම නෙමෙයි.

ප්‍රශ්නය – එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවති කාලය අතර තුරදී අත්අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?

පිළිතුර – යුද්ධයට නායකත්වය දුන්නේ මම හෝ මගේ සහෝදරයා නෙමෙයි. එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති වරයායි.

කෙසේ වෙතත් ඒ ප්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ එම පුද්ගලයින් සිටි තත්වය හඳුනාගෙන මාස 2ක, මාස 6ක, හා අවුරුදු 2ක් ලෙස කාල සිමාවන් වලදී පුනරුත්ථාපනය කර නැවත සමාජ ගත කල බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here