“ජනාධිපතිවරණය සාමකාමී මම නිසා”

0
26

පෙර ජනාධිපතිවරණ හා වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණය අතිශය සාමක‍ාමීය. බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා තබා සාමාන්‍ය මට්ටමේ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ වාර්තා නොවන තරම්ය. වෙනදා මෙන් තාප්පයක් තාප්පයක් ගානේ පෝස්ටර් හෝ ලයිට් කණුවක් කණුවක් ගානේ කටවුට් හෝ දක්නට නොමැත.

ජනාධිපතිවරණය මෙතරම් සාමකාමී වීමට හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට හේතුව අද (15) පැහැදිලි කළේය. ඒ පොලිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදීය.

නිදහසින් පසු පළමු වතාවට බලයේ සිටින රාජ්‍ය නායකයා කිසිදු පක්ෂයකට සහයෝගය නොදක්වා ස්වාධීනව, නිර්පාක්ෂිකව කටයුතු කරන බවත් සාධාරණ හා සාමකාමී තත්ත්වයට හේතුව බවත් ජනාධිපතිවරයා පවසනවා. ආරක්ෂක අමාත්‍යංශය, නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස තමා කටයුතු කරන බැවින් පොලීසිය ඇතුළු මැතිවරණයට සම්බන්ධ සියලු ආයතන ස්වාධීනව කටයුතු කරන බවත්, කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ඔවුන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here