ඉතින්, සුබ ගමන් මෛත්‍රී….!

0
29

2015 ජනවාරි 09 දා පත් වූ මේ රටේ 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දින (18) තම ධුරයෙන් විශ්‍රාමයාම යයි.

ඔහුව ජනාධිපතිධූරයට ඔසවා තැබූ බොහෝ දෙනෙකුගේ දැඩිම විවේචනය ඒල්ල වුයේ පසුගිය 2018 ඔක්‌තෝබර් 26 වන දින සිදු කරනු ලැබූ ව්‍යවස්ථා විරෝධීව පැවති ආණ්ඩුව විසුරැවාහැර ඔහුගේ ප්‍රථිවාදියා වූ මහින්ද රාජපක්ෂ අගමැති කිරීමත් නිසාය.

ඒ කෙසේ වුවත් මෙවර ජනාධිපතිවරණයේ දී ඔහු මධ්‍යස්ථව කටයුතු කිරීමත්, ආණ්ඩුවේ සමහර වැරදි ක්‍රියාවන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත්, නැවතත් ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් නොවීමත් නිසා ඉහත විවේචකයන් අතරින් යම් පිරිසකගේ ප්‍රසාදයක් දිනා ගැනීමටද ඔහුට හැකි විය.

පසුගිය අවුරැදු 5ක කාලය තුළ ඇතිකරනු ලැබූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුලු, ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රථිසංස්කරණයන් ඇති කිරීම සදහා මේ රටේ 6 වන විධායක ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් සහාය ඉතිහාස ගත වනු ඇත.

ඉතින් සුබ ගමන් මෛත්‍රී….!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here