“රැඩිකල් මංගල” දේශපාලනයෙන් සමුගනී

0
28

හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

ඉදිරි කාලයේ දී තමන් දේශපාලනයෙන් ඉවත් වී සංහිඳියාව සහ ජාතික සමගිය වෙනුවෙන් කැප වීමට සූදානමින් සිටින බව ඔහු පවසන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම සවරවීරව දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබුණි.

මංගල සමරවීර මහතාගේ ඇතැම් ප‍්‍රකාශයන් මැතිවරණ ව්‍යාපාරයට දැඩි ලෙස අවාසි සහගත වූ බවද ඔවුන් චෝදනා කර තිබෙනවා.

පක්ෂ දේශපාලනයෙදි වැදගත් වන්නේ බලය ලබා ගැනීම ඒක පවත්වාගෙන යාම කියන කාරනා වුනත්, මංගල පහුගිය කාලෙම අපිට මුනගැහෙන්නෙ දේශපාලකයෙකුට වඩා activist කෙනෙක් විදිහට. ඔහු හොඳ social disrupter කෙනෙක්. ඒත් එහෙම කෙනෙකුට බලය ගැනීමේ, බහුතර කැමැත්ත ගැනීම අපහසුයි. මංගලගේ අදහස් අතිශය ප්‍රගතිශීලී වුනත් බල දේශපානයෙදි ඒවා වැඩකරන්නෙ අවාසිදායක විදිහට. මේ දෙක දෙකක්. බොහොමයක් ලිබරල් දේශපාලකයන් මේ දෙක පටලවා ගන්නවා. එය අවංකකම ගැන ප්‍රශ්නයක්. නමුත් දේශපාලනයෙදි අවංකකම කියන්නෙත් නොගැලපෙන සාධකයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here