අගමැති ආර්යාව ‘මිනීමැරුම් චෝදනාවකට’ අත්අඩංගුවට

0
29

මිනීමැරුම් චෝදනාවකට ලෙසතෝ රාජ්‍යයේ අගමැති ආර්යා මෙසියා තබානේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එරට අග්‍රාමාත්‍ය තෝමස් තබානේගේ පළමු බිරිඳ වන ලිපොලියෝ තබානේ ඝාතනයට සම්බන්ධ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

2017 වසරේ දී ලිපොලියෝ තබානේ වෙඩි තබා ඝාතනය කෙරිණි. ඝෘතනය සම්බන්ධයෙන් නාඳුනන තුවක්කුකරුවකුට චෝදනා එල්ල වුවද මේ වන විට ඒ පිළිබඳ නවතම සාක්ෂි අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මෙසියා තබානේ අත්අඩංගුවට ගැනීමට පසුගිය ජනවාරි 10 වැනිදා වරෙන්තු නිකුත් කළ ද ඒ වනවිට ඇය සැඟවී සිටියේය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකා දේශසීමාවේදී පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය. ඝාතනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන්ද ප්‍රශ්න කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here