මුස්ලිම් පුරුෂයන්ට දික්කසාදය තනි තීරණයට කරන්න බැහැ – අලුත් නීතියක් එයි

0
29

පසුගිය කාලය පුරා සෞදිය නීති කීපයක් ලිහිල් කරමින් එරට කාන්තා නිදහස තහවුරු කරන්නට පියවර ගෙන තිබුණා.

මේ අතර පසුගියදා පැනවූ තවත් නීතියක් අනුව එරට පිරිමි පාර්ශවයට දික්කසාදය පිළිබඳ තනි තීරණ ගැනීමේ හැකියාව සීමා කර ඇත.

ඒ අනුව විවාහයක් අවලංගු කිරීමට නම් අදාල දෙපාර්ශවයම උසාවිය ඉදිරියේ පෙනී සිටීම අවශ්‍ය වෙනවා.

මීට පෙර පැවති නීති අනුව පිරිමි පාර්ශවයට අවශ්‍ය ආකාරයෙන් බිරිඳව දික්කසාද කිරීමටත් එසේ නොකර වෙනත් විවාහයක් කර ගැනීමටත් අවස්ථාව හිමි වුණා.

නමුත් එරට කාන්තාවන්ට ඒසේ විවාහය සම්බන්ධයෙන් තනි තීරණ ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. දික්කසාදය සිදු වුනත් ඔවුන්ට තවත් විවාහයක් සිදු කර ගන්නටත් මීට පෙර හැකියාවක් හිමි වූයේ නැහැ.

සෞදි අධිකරණ අමාත්‍යංශයේ වාර්තා අනුව මාසයකට එරට දික්කසාද 4000 පමණ සිදු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here