නොමිලේ පෑඩ් දෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත්වෙයි

0
28

කාන්තාවන්ගේ ඔසප්වීම සඳහා භාවිත කරන නිෂ්පාදන (ටැම්පොන් සහ පෑඩ්) නොමිලේ ලබාදෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත්වෙයි.

ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව පසුගිය අඟහරුවාදා ටැම්පොන්, පෑඩ් සහ අනෙකුත් ඔසප් නිෂ්පාදන සඳහා නීති සම්පාදනය කළේය.

ස්කොට්ලන්තයේ මෙම වෑයම ගෝලීය ඔසප් දරිද්‍රතාව මුලුමනින්ම අතුගා දැමීම සඳහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමයි.

ඔසප් චක්‍රය සඳහා වන නිෂ්පාදන සඳහා නිදහස් ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතේ පළමු අදියර සම්මත වූයේ ඡන්ද 112 ක් පක්ෂව හා එක් අයකු ඡන්දය දීමෙන් වැළකී සිටීමෙනි.

කිසිවකු මෙම පනතට එරෙහිව ඡන්දය භාවිත කර තිබුණේ නැත.

නමුත් ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇතිවුණු තත්වය ඔබට මතක ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here