ප්‍රසිද්ධ ගායකයෙකුගේ යට ඇඳුමක් වෙන්දේසි වෙයි

0
23
ප්‍රසිද්ධ ගායකයෙකුගේ යට ඇඳුමක් වෙන්දේසි වෙයි

ශේප් ඔෆ් යූ ගීතය ඔස්සේ ජනාදරය දිනාගත් ගායන ශිල්පී එඩ් ශිරන්ගේ කලිසම් යුගල හයක් පුණ්‍යායතනයකට ආධාර පිණිස වෙන්දේසි කිරීමට නියමිත බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.

එක්සත් රාජධානියේ සෆොක් ප්‍රදේශයේ පිහිටි ශාන්ත එලිසබෙත් හොස්පයිස් නම් පුණ්‍යායතනයක් වෙනුවෙන් ඔහු තමන් සතු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ප්‍රදානය කර තිබේ.

නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිත වෙන්දේසියට පෙර එඩ් ශිරන්ගේ පෞද්ගලික භාණ්ඩ 150 කට ආසන්න ප්‍රමාණයක් රසිකයින්ට දැක බලා ගැනීමට ද ඉඩ කඩ සැලසේ.

ලෝක ප්‍රකට ගායකයාගේ ත්‍යාගශීලිභාවය පිළිබඳ තමන් ඉමහත් පුදුමයට පත් වූ බව පුණ්‍යායතනය ප්‍රකාශ කර ඇත.

අත්සන් කරන ලද ගිටාරයක්, ඡායාරුප, පාපන්දු කමිසයක්, සපත්තු ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඊට ඇතුලත් බව වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here