මින්යා මමීකරණ සිරුරු 50ක්

0
30
මින්යා මමීකරණ සිරුරු 50ක්

ඊජිප්තුවේ මින්යා ප්‍රදේශයෙන් මමීකරණය කරන ලද සිරුරු 50ක් සොයා ගැනීමට පුරා විද්‍යාඥයින් සමත්ව තිබේ.

මේවා ක්‍රිස්තු පූර්ව 305ත්, 30ත් අතර කාලයකට අයත් බව සැලකේ. මෙම මමී හමුවී ඇත්තේ, මින්යා ප්‍රදේශයේ පොළොව මට්ටමට අඩි 30ක් පමණ පහළින් පිහිටි ස්ථානයකින්. මෙම මමීවලින්12ක් ළමුන්ගේ බවයි පුරාවිද්‍යාඥයින් පවසන්නේ. මේවා එකිනෙකට වෙනස් ආකාරවලින් තැන්පත් කර තිබී හමුවී තිබේ.

ඇතැම් ඒවා ලිනන් රෙදිවලින් දවටා ඇති අතර, ඇතැම් ඒවා තැන්පත් කර තිබී ඇත්තේ පාෂාණමය පෙට්ටි තුලයි. කිහිපයක් දැවමය පෙට්ටි තුළ බහා තිබේ. මෙම දේහයන් ඊජිප්තුවේ මධ්‍යම ප්‍රාන්තික ධනවත් පවුලකට අයත් බවටයි ඊජිප්තු බලධාරීන් විශ්වාසය පළ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here