කාලගුණය තවත් උණුසුම් වෙයි…. හිමාලයේ හිම තට්ටුවත් දිය වන ලකුණු

0
37
කාලගුණය තවත් උණුසුම් වෙයි.... හිමාලයේ හිම තට්ටුවත් දිය වන ලකුණු

කාලගුණ වෙනස නිසා මිහිතලය උණුසුම්වීමෙන් මේ සියවස අවසන්වීමට පෙර හිමාල කඳුවැටිය වසා ගත් ග්ලැසියර හෙවත් හිම තට්ටුවෙන් තුනෙන් දෙකක් හෝ දිය වනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු අගවනවා.

පැරිස් සම්මුතිය අනුව එකඟ වූ පරිදි මේ සියවස අවසානයේ මිහිතලය උණුසුම්වීම සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5කට සීමා කළ ද එම තත්ත්වය උදාවිය හැකි බව කඳුකර සංවර්ධනය සඳහා වූ ඒකාබද්ධ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සකස් කළ එම වාර්තාවේ සඳහන්.

එහිදී හිමාල සහ හින්දු කුෂ් කඳුවැටිවල ග්ලැසියර දියවීමෙන් ගංඟාවල පෝෂණය අඩාල විය හැකි අතර, එය ඉන්දියාවේ සිට චීනය දක්වා ගොවි බිම් අවදානමකට ලක් කරනු ඇති.

කාලගුණ විද්‍යාඥයන් 210 දෙනෙකු සකස් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ මිහිතලය උණුසුම් වන හරිතාගාර වායු මුක්තවීම පාලනය කිරීමට පියවර නොගත හොත් හිමාලයේ හිම තට්ටුවලින් තුනෙන් එකක් වසර 2100 වන විට අතුරුදන් වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here