ලෝකප්‍රකට ‘සිපගත් නාවිකයා’ ජීවන ගමන නිම කරයි

0
23
ලෝකප්‍රකට 'සිපගත් නාවිකයා' ජීවන ගමන නිම කරයි

දෙවැනි ලෝක යුද්ධය නිමාවේ සතුට සමරමින් 1945 වසරේදී නිව්යෝක් ටයිම්ස් චතුරස්‍රයේ නාඳුනන තරුණියක සිප වැලඳ ගත් ලෝක ප්‍රකට ඡායාරූපයේ සිටි ඒ නාවික හමුදා සෙබලා අවුරුදු 95 කින් තම ජීවන ගමන නිම කර තිබෙනවා.

George Mendonsa එවකට සිපගත් එම තරුණිය 21 හැවිරිදි Greta Zimmr ලෙස හඳුනාගෙන තිබූ අතර, ඇය 2016 දී අවුරුදු 92ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්විය.

සිය පියා හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ දියණිය වන ෂැරොන් මාධ්‍ය වෙත පවසා තිබුණු අතර, මියයන විට මිඩ්ල්ටවුන් හි වැඩිහිටියන් රැකබලා ගන්නා ස්ථානයක පියා සිටි බවද ඇය කියා තිබුණි.

ලයිෆ් සඟරාව වෙනුවෙන් ඡායාරූප ශිල්පී ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටැඩ් මෙම ඡායාරූපය ගෙන තිබුණේ ජයග්‍රාහී රැලියෙහි ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේදීය.

එවකට දන්ත වෛද්‍ය ආයතනයක සහායිකාවක ලෙස කටයුතු කරමින් සිට ඇති Greta වර්ෂ 1960 වනතුරුම මෙම ඡායාරූපය ගැන දැන නොසිටි බව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here