ගුවන් යානයක් පැහැරගනී

0
20

බංගලාදේශ ගුවන් සේවයට අයත් ‘බිමාන් 147’ දරණ ගුවන් යානය මද වේලාවකට පෙර ඩැකා නුවර සිට ඩුබායි වෙත පියාසර කරමින් සිටියදී මංකොල්ලකරුවකු විසින් බලහත්කාරයෙන් චිතගොං ගුවන් තොටුපල වෙත හදිසි ගොඩ බැස්මකට යොමු කර ඇත. ගුවන් යානය වට කර ගත් හමුදා නිලධාරීන් විසින් 150 කට අධික සියළු මගීන් නිරුපද්‍රිතව බේරා ගෙන ඇති බව වාර්තා වෙයි.

යානය පිටත් වී මද වේලාවකට පසු නියමු කුටිය අසලට ගිය මගියෙකු පිස්තෝලයක් වැනි දෙයක් පෙන්වා තමා සමීපයේ බෝම්බ ද ඇති බව කියා වහාම යානය ගොඩ බස්වන ලෙස අණ කර ඇත.ඔහු සමග එක්ව කටයුතු කළ නියමුවන් වහාම යානය චිතගොං ගුවන්තොටුපල ට ගොඩ බස්වා ඇත. තමාට බංගලාදේශ අගමැතිවරයා සමග කතා කිරීමට අවශ්‍ය බව ගුවන් මංකොල්ලකරු පවසා ඇත. මෙය සංවිධානාත්මක කණ්ඩායමක උත්සාහයක් නොව තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් බවට දැනට හදුනාගෙන ඇති අතර, ඔහු දැඩි මානසික පීඩනයකින් පෙළෙන්නෙකු හෝ මානසික රෝගියෙකු විය හැකි බවට ද සැක පහල වී ඇත. සියළු මගීන් ඉවත් කළ ද නියමුවන් දෙදෙනෙකු හා මංකොල්ලකරු නියමු කුටියේ රැඳී සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here