හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට….?

0
24

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීමට ජාතික ජනතා ව්‍යාපාරය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

රටට නායකත්වයක් ලබාදීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ ජාතික ජනතා ව්‍යාපාරය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර දේශපාලඥයෙකු නොවන පුද්ගලයෙකු ලෙස මහේෂ් සේනානායක මහතා ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඇති වාසි අවාසි පිළිබඳවද මෙහිදි සාකච්ඡා වී තිබෙනවා.

ජාතික ජනතා ව්‍යාපාරය විද්වතුන් පිරිසකගේ එකතුවෙන් නිර්මාණය වී ඇති අතර රට තුළ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් ඔවුහු කටයුතු කරති.

නමුත්, “මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේදැයි” හිටපු යුද හමුදාපතිවරයාගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ,

“මම තවම එවැනි තීරණයක් අරගෙන නෑ. කොහොම නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒක විසඳේවි. රටේ වෙනසක් සිදුවිය යුතුයි. දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සාහාය දෙන්න මම ලෑස්තියි. නමුත් මම ජනාධිපතිවරණයට ඉදිරිපත්විම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නෑ.”

යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here