අනතුරට පත් යුක්රේන් ගුවන් යානයේ මගීන් 180දෙනාම ජීවිතක්ෂයට

0
32

යුක්රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද(08) ඉරානයේ ටෙහෙරාන් නුවර දී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් 180 දෙනාම මිය ගොස් ඇත.

එම ගුවන් යානය බෝයිං 737 වර්ගයේ යානයක් බවත්, ටෙහෙරානයේ පිහිටි ඉමාම් කොමෙයිනි ගුවන් තොටුපළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.

යුක්රේනයේ කිවී නුවර පිහිටි බොරිස්පිල් ගුවන් තොටුපළ බලා ගමන් ගනිමින් තිබූ එම ගුවන්යානය ගුවන්ගතවී සුළු වේලාවකින් අනතුර සිදුව ඇත.

සිදු වූ අනතුරින් දිවි බේරාගත් කිසිවකු සිටීදැයි සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.

විනාශ වූ ගුවන් යානයේ සුන්බුන් එම ප්‍රදේශය පුරා විසිර ඇත.

ඉරානය, ඉරාකයේ පිහිටි ඇමෙරිකානු බළඇණි සිටින මධ්‍යස්ථාන දෙකක් වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පමණ පසු මෙම අනතුර සිදුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here