හඬපට සිදුවීමෙන් පසු අගමැති ඉල්ලා අස් වෙයි

0
27

යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත යොමු කර තිබෙනවා.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව පවසමින් යුක්‍රේන අගමැතිවරයා එරට ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයක් ඇතුලත් හඬ පටයක් කරලියට පැමිණීමත් සමග ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවට පවසමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

“කෙසේ වෙතත්, ජනාධිපතිවරයා කෙරෙහි අපගේ ගෞරවය හා විශ්වාසය පිළිබඳ කිසියම් සැකයක් දුරු කිරීම සඳහා මම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවා”

යැයි යුක්‍රේන අගමැතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

තමන් සිදුකළ ප්‍රකාශයක් සැලසුම් සහගතව සංස්කරණය කොට මුදාහැර ඇති බවත් එය කිසියම් පිරිසක් විසින් සිදුකළ ක්‍රියාවක් බවයි මෙහිදී යුක්‍රේන අගමැතිවරයා සඳහන් කරන්නේ.

කෙසේ වුවත් යුක්‍රේන අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here