මුදල් අමාත්‍යාංශ ලේකම්, මුද්‍රණාලයාධිපති සහ පොලිස්පති අද මැතිවරණ කොමිසමට !

0
36

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රජයේ මුද්‍රණාලයාධිපති සහ පොලිස්පතිවරයා අද (07) මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇත.

අද (07) පෙරවරු 10.30ට මෙම සාකච්ඡාවට පැවැත්වීමට නියමිතයි.

එහිදී එකවර මුදල් ලබාදීමට අපහසු නම් කොටස් වශයෙන් හෝ ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට ලබාදීමට දැනුම් දීමට සුදානම් බවයි කොමිසමේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා සමඟ පැමිණෙන එකඟතාවයන්ට අනුව ඡන්ද විමසීම පවත්වන දිනය සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතයි.

Source News19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here